Gossips

මහවැලි ජලාශවල ජල මට්ටම 80% පනී

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි අධිකාරිය මගින් පාලනය කෙරෙන ජලාශ බොහොමයක ජල ධාරිතාව සියයට 80 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මොරගහකන්ද ජලාශයේ ධාරිතාව මේ වනවිට සියයට 99.8 ක මට්ටමේ පවතින අතර, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම මේ වනවිට සියයට 95.1ක්.
පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම සියයට 92 දක්වා ඉහළ ගොස් ඇති අතර, උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 96.2 ක් බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.
එසේම කාසල්රී සහ මාවුස්සා කැලේ ජලාශවලද ජල ධාරිතාව මේ වනවිට සියයට 75 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම කණ්ඩලම, රාජාංගණය, නාච්චදුව, තිසාවැව, හුරුළු වැවේ ජල ධාරිතාව සියයට 90 ඉක්මවා ඇති අතර, දඹුළු ඔය, කලාවැව, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, ගිරිතලේ සහ මාදුරුඔය යන ජලාශවලද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.