Gossips

මහවැලි ගොවීන්ට තොරතුරු තාක්ෂණ පුහුණුව

ප්‍රථම වරට මහවැලි ගොවීන් සඳහා තොරතුරු තාක්ෂණික පුහුණුව ලබාදීමට මහවැලි අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මහවැලි සී කලාපයෙන් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ක්‍රියාත්මක නව තොරතුරු තාක්ෂණික ගම්මාන පුහුණු මධ්‍යස්ථානයක් ඊයේ විවෘත කෙරුණේ ගිරාඳුරුකෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථානයේදීයි.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහයෝගයෙන් දියත් කෙරෙන මෙම වැඩසටහන මගින් මහවැලි ගොවීන්ට නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් වෙළඳපොල අවස්ථා සලසා ගැනීමට හැකියාව ලැබෙන බවයි මහවැලි අධිකාරිය කියා සිටියේ.