Gossips

මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට

මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ සිටින ජනතාව හැකි ඉක්මණින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා.
ඒ කැළණි ගඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන්.
වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් පළාත් රැසකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රී කාලයේදීත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.