ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ (29) දිනයේදී ගම්පොළ නගරයට පැමිණ තිබෙනවා.
අනතුරුව ඔවුන් මහවැලි ගෙඟ් දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගඟේ එක් ඉවුරක සිට අනෙක් ඉවුර දෙසට ගමන් කිරීමේදී වැලි ලබා ගැනීම සඳහා කණින ලද වළක වැටීමෙන් මෙම සිසුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
