Gossips

මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතයි

මාතලේ – විල්ගමුව නිපොන් පාලම අසල මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතව නැවත පැමිණ තිබෙනවා.
මහවැලි ගඟේ ජලය ඉහළ යාමත් සමඟ වැලි කැණීම සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් ගොඩට ගෙන ඒමට මොවුන් අද අලුයම එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්.
එහිදී ඔවුන් එක් බෝට්ටුවක් ගොඩ ගෙන ඇති අතර, අනෙක් බෝට්ටුව රැගෙන එමින් සිටියදී ජල පහරට ගසාගෙන ගොස් තිබෙනවා.
පසුව, ජල පහරේ සැර අඩුවීමත් සමඟ ඔවුන් එම බෝට්ටුව මගින් ගොඩට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අවුරුදු 20 සහ 22 හැවිරිදි වියේ පසුවන මොවුන් එකම පවුලේ සහෝදරයින් වනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ අතර මේ හේතුවෙන් මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවුණා.
කෙසේ වෙතත්, මේ වනවිට ජලය බැස ගොස් ඇති බවයි මාතලේ දිස්ත්‍රික් සහකාර ආපදා නිලධාරිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.