Gossips

මහවැලි ගඟට බිලිවූ උසස් පෙළ සිසුවා

නාවලපිටිය, හයිපොට් ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අද (13) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, හල්ගොල්ල, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන සිසුවෙක්.
මෙම සිසුවා නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසින් පැමිණ මිතුරන් සමඟ මෙලෙස මහවැලි ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා.
සිසුන් පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ සිසුන් තිදෙනෙක් දියේ ගිලි ඇති අතර ඉන් එක් සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
දියේ ගිලුණු අනෙක් සිසුන් දෙදෙනා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඉන් එක් සිසුවෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් සිසුවා නිවාසිකව ප්‍රතිකාර ලබනවා.