Gossips

මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂයින්ට මහවැලි ඉඩම් ලබාදෙන බව ජනපති කියයි

මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මහවැලි ඉඩම් පිරිනැමීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින්.
30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (16) පස්වරුවේ ඇඹිලිපිටියේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ මහනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල හිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදුකෙරුණා.
ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි.