Gossips

මහරැජිණ 92 වන උපන් දිනය සමරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස ලන්ඩනයේ ඇල්බර්ට් ශාලාවේ ඊයේ පැවති උත්කර්ෂවත් සංදර්ශනයකින් සිය 92 වන ඡන්ම දිනය සමරනු ලැබුවා.
ඊට කැරිබියානු දිවයින් හි ෂැගී, ටොම් ජෝන්ස්, කයිලි මිනෝ ආදී ප්‍රකට ගායික ගායිකාවන් එක්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මහ රැජිණගේ මුණුපුරන් වන විලියම් සහ හැරී කුමරුද සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි අතර, හැරී කුමරුගේ පෙම්වතිය වන මේගන් මේකල්ද එහිදී විශේෂයෙන් කැපී පෙනුණා.
මහ රැජිණ මීට පෙර සිය ඡුන්ම දිනය පෞද්ගලිකව සමරනු ලැබුවද, මෙවර ලන්ඩනයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා.
ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 නියෝජනය කරමින් සුබ පැතුම් එක් කිරීමද විශේෂත්වයක්.