Gossips

මහරාර් එස්‌.එස්‌.සී. පිටියේ රජ කරද්දී, ශ්‍රී ලංකාවේ දඟයන් දෙදෙනා පළමු ඉනිම ගොඩ දමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 338ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා අරම්ඟක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 116ක ශතක සබඳතාවක්‌ පිහිටවනු ලැබුවා.
මෙම සම්බන්ධතාවය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක්‌ ටෙස්‌ට්‌ තරඟ 21 කට පසුව පිහිටවූ ශතක සබඳතාවය වීමද විශේෂත්වයක්.
මෙහිදී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක රැස්කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා රැස්කළ ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 57ක් සහ 53ක්.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධනංජය ද සිල්වා කළ ලකුණු සංඛ්‍යාව 60ක්.
මේ අතර ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු පන්දහසේ සීමාව පසුකර යාමද විශේසත්වයක්.
ඔහු වාර්තා අතරට එක්වන්නේ ටෙස්ට් ලකුණු 5000 පසුකළ 09 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.
පන්දු යැවීමේදී විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහාරාජ් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 09ක් බිඳ දැමුවා.
තරඟයේ පළමු දිනය වූ ඊයේ දිට තරඟය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.
අවසන් කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැගූ රංගන හේරත් සහ අකිල ධනංජය ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු දක්වා රැගෙන යාමට සමත් වුණා.
එහිදී රංගන හේරත් ලකුණු 35ක් රැස් කළ අතර අකිල ධනංජය නොදැවී ලකුණු 43ක් රැස් කරමින් කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන්නා.