Politics Sri Lanka

මහරගම ‘මෝටර් සයිකලයේ’ මතභේදයට විසඳුම උසාවියෙන් – අතිරේක මැතිවරණ කොමසාරිස්‌

මහරගම ‘මෝටර් සයිකලයේ’ මතභේදයට විසඳුම උසාවියෙන් – අතිරේක මැතිවරණ කොමසාරිස්‌

මහරගම ස්‌වාධීන කණ්‌ඩායම් (මෝටර් සයිකලය) අපේක්‌ෂක ලැයිස්‌තු මතභේදය විස¹ ගත යුත්තේ අධිකරණයෙන් පමණක්‌ බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (15 වැනිදා) පැවසීය. ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ගයක්‌ නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අපේක්‌ෂක ලැයිස්‌තුව පිළිබඳ ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳ නිවැරදි තීරණයක්‌ ලබා ගත හැක්‌කේ අධිකරණයෙන් බවත් මොහොමඩ් මහතා කීවේය.

මහරගමට මෝටර් සයිකලය සලකුණින් තරග කළ ස්‌වාධීන කණ්‌ඩායම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කළ අතර එම ලැයිස්තුවේ බහුතරයක් බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්වීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මානයවී ඇත. පලාත් පාලන මැතිවරණ පනතට අනුව තේරීපත්වන සභිකයින් එම පලාත් පාලන ආයතනය තුල පදිංචිකරුවන් විය යුතුය.