Gossips

මහරගම නගර සභාවේ සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙයි

මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.
නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස ඇත්තේ.
මෙම සේවකයන් ඊයේ රාත්‍රියේ සිය නිවෙස් බලා යමින් සිටියදී අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇති බව සඳහන්.
එම ස්ථානයට පැමිණි නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් තමන්ට පහරදුන් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.