මහරගම නගර සභාව ඉදිරිපිට පදික මාරුව මත දී මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
අද (24) අලූයම සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ බොරැලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරෙන් පසුව පළා ගිය මෝටර් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
