මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (07) අලුයම තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
අදාළ ඝාතනය පළපුරුදු කණ්ඩායමක් විසින් සිදුකරන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය ද සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර, මෙම තරුණයා කිසියම් පිරිසක් විසින් එම ස්ථානයට කැඳවා ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ ප්රධාන දොරටුව ඉදිරිපිට කැපුම් තුවාල සහිත මළ සිරුරක් ඇති බවට ප්රථමයෙන් දැක තිබුණේ ත්රිරෝද රථ රියදුරෙක්.
අදාළ පුද්ගලයාගේ දෑත් මැණික් කටුව ආසන්නයෙන් කපා වෙන් කර ඇති අතර, දකුණු අතේ එක් ඇඟිල්ලක් හමුවී තිබුණේ එම තරුණයා මිය ගිය ස්ථානයට මීටර් 6ක් පමණ දුරින්.
උදරයේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල දක්නට ලැබුණු අතර, මුහුණ හඳුනා ගත නොහැකි ආකාරයට විකෘති වන සේ ආයුධයකින් තුවාල සිදුකර තිබූ බව සඳහන්.
මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති පරිදි ඝාතනයට ලක්වූ තරුණයා කොළොන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 22ක්.
පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා ද කලකට ඉහත දී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති අතර, යම් සිද්ධියක් මුල් කර ගනිමින් මවට ද පසුගිය දිනෙක පිරිසක් පහරදීමක් සිදුකර ඇති බවයි.