Gossips

මහරගම ඝාතනයට අනුබලදුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගියදා මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසළදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදුන් සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම – ඇරැව්වල වීරෝධාර මාවත ප්‍රදේශයේදී ඊයේ දහවල් මොවුන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
22 හැවිරිදි සහ 20 හැවිරිදි සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පසුගිය හත්වනදා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.