Gossips

මහරගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් අනිද්දා උදෑසන 8 සිට පසුදින පෙරවරු 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
මීට අමතරව පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ මෙන්ම පාදුක්ක යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.