Gossips

මහමැතිවරණය ජනතා කැමැත්තට ඉඩ දීමක් – අගමැති

මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා මඟ සැලසෙන බවයි.
නායකයන් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා සිය මතය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදීම නායකයන්ගේ වගකීමක් සහ යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කළේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, ලබන ජනවාරි 5 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා.
මේ අතර නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (09) පැවති උත්සවයක් අමතමින්.