Gossips

මහබැංකු බැඳුම්කර වංචාවට, තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව තවත් සැකකරුවන් සිටී නම්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ වංචාවට අදාළව තවත් සැකකරුවන් සිටී නම්, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කොට නීතිමය පියවර ගන්නා ලෙසයි.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
නඩුව වැඩිදුර විභාගය අප්‍රේල් මස 31 වන දා දක්වා කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.