මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වූ මුදල් යළි ආර්ථිකයට ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර එහි චූදිතයින්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනයේ විවාදය ආරම්භ කරමින්.
ඊට අමතරව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන්ද සංවාදයක් මතු වූ අතර, එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිද මැදිහත් වුණා.
