Gossips

මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග ඉන්දීය රුපියල පහළට

ඉන්දියාවේ මහ බැංකු අධිපතිවරයා හදිසියේ ඉල්ලා අස්වීමත් සමග එරට රුපියලේ අගය පහත වැටී ඇති බවට වාර්තා පළ වනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1 යි දශම 2 කින් මෙලෙස ඉන්දීය රුපියල පහත වැටී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ උර්ජිත් පටෙල් අවුරුදු 3 ක සිය ධුර කාලය ඉක්මවීමට පෙර හදිසියේ ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුන් මත යැයි පවසමින්.