Gossips

මහබැංකුවට සිදුවූ දේ සමෘද්ධි බැංකුවට සිදුවීමේ අවදානමක්

මහබැංකුව යටතට පවරා ගැනීමෙන් සමෘද්ධි බැංකුවෙන් ප්‍රතිලාභ ලබන ජනතාව අපහසුතාවට පත්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ සමෘද්ධි බැංකුවට, මහබැංකුවට සිදුවූ දෙයම සිදුවීමේ අවදානමක් ඇති බවයි.
මෙම තීරණය පිටුපස එක්සත් ජාතික පක්ෂයේ සූක්ෂම වැඩපිළිවෙලක් පවතින්නේ ද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියා.