Politics Sri Lanka

මහපොළ සටනට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සිසුන්ට ජය

මහපොළ සටනට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සිසුන්ට ජය

විශ්වවිද්‍යාල සිසුන්ට ගෙවන මහපොළ ශිෂ්‍යධාරය වෛද්‍ය පීඨවල සිසුන් සඳහා කප්පාදුකිරිමට ගෙන තිබූ තිරණය අකුලා ගැනීමට ආණ්ඩුව ඊයේ (06) කටයුතු කර ඇත.

සයිටම් අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ පැවති වෛද්‍ය සිසුන්ගෙ වර්ජනය නිසා යැයි හඟවමින් වෛද්‍ය පීඨ සිසුන් සඳහා වසරකට වාරික 10 බැගින් වසර 05 සඳහා වාරික 50ක් ගෙවිය යුතු මහපොළ ශිෂ්‍යධාරයේ එම වාරික ප්‍රමාණය අඩු කිරිමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබූ අතර ඒ සඳහා වූ චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබිණි.

කෙසේ නමුත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය සහ වෛද්‍ය පීඨ සිසුන් එක්ව මහපොළ කප්පාදුවට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසානයේ ඊයේ (05) දින සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට කටයුතු සූදාම් කරමින් තිබියදී එම අමාත්‍යාංශය විසින් දෙමව්පියන්ටත් වෛදය සිසුන්ටත් සාකච්ඡාවක් ලබාදි ඇත.

ඒ අනුව එම සාකච්ඡාවේදී වෛද්‍ය ශිෂ්‍යයන්ගේ මහපොළ වාරික කපා දැමීමේ අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් අදාළ මහපොළ කප්පාදුව අහෝසි කර නියමිත පරිදි ශිෂ්‍යත්ව වාරික 50ම ලබාදීම සඳහා තීරණය කර තිබේ.

වෛද්‍ය සිසුන් ඉතාමත් මැනවින් තර්කානුකූලව අමාත්‍යාංශ ලේකම් වරියට අදාළ චක්‍රලේඛනයේ ගැටළු සහගත තත්වය පැහැදිලි කර ඇත.

ඒ අනුව එදිනම මහපොළ භාරකාර මණ්ඩලයේ රැස්වීමක් කැදවා ඒ අදාළ ප්‍රශ්න සහගත චක්‍රෙල්කය අහෝසි කොට නව චක්‍රෙල්කයක් නිකුත් කොට තිබේ.

එහි පිටපතක් මේ වනවිට ශිෂ්‍ය නියෝජිතයනිට ලබාදී ඇත.

වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ ලේකම් ගාමිණි ඒකනායක, විධායක කමිටු නියෝජිත වසන්ත අල්විස්. විධායක කමිටු නියෝජිත අශෝක රන්වල ඇතුළු දෙමව්පියන් 12 දෙනෙක්ද ශිෂ්‍ය නියෝජිතයන් ලෙස ආසිරි කරුණානායක, කසුන් තාරක, අවිශ්ක, ප්‍රියන්ත සම්පත් සහ තරිඳු ඇතුළු ජයවර්ධනපුර සහ රාගම වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් 09 දෙනෙකු මෙම සාකච්චාව සඳහා සහභාගී වී තිබේ.