Gossips

මහනුවර හදිසි නීතිය අවසන්වන දිනය ?

මහනුවර සිද්ධිය පදනම් කරගනිමින් හදිසි නීතිය පැනවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ එය අවසන් කෙරෙන දිනයක් සඳහන්ව නොමැති බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව හදිසි නීතිය මසක කාලයක් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි.
මහනුවර ඇති වූ කළහකාරී සිද්ධිය පදනම් කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිති මාධ්‍ය අංශය පසුගිය 6 වැනිදා නිවේදනය කළා.
එහි සඳහන් වූයේ එය සතියක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත් එදින හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් නිකුත් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයේ හදිසි නීතිය අවසන් වන දිනයක් සඳහන් කර නැහැ.
– ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා – කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
– ජනාධිපතිවරයා විසින් 6 වැනිදා තමයි හදිසි ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ නමුත් ඒකේ කිසිම අවස්ථාවක සඳහන් වෙන්නේ නැහැ කවදාද මේක ඉවත් කරන්නේ කියලා. පැහැදිලිවම තියෙන දෙයක් තමයි ප්‍රවෘත්ති මාධ්‍යයට දුන්න එකේ තිබුණේ දවස් 7 ක් කියලා. නමුත් ඒක කිසිසේත්ම ගැසට් එකේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට පනත අනුවනම් මාසයක් දක්වා කාලයක් සඳහන් වෙනවා. හැබැයි මේ කාලය ඇතුළත ජනාධිපතිතුමා විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක විවාද කරලා තව දීර්ඝ කිරීමේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ කැමැත්තෙන් සම්මත වෙන්න ඕනේ. ඒ වගේම 1958 අංක 8 දරණ මහජන ආරක්ෂක පනතේ 3 වැනි වගන්තිය වැදගත්වෙනව යම් කිසි අවස්ථාවක මේක පාර්ලිමේන්තුවට සන්නිවේදනය කරන කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා නම් හෝ වාර අවසාන කරලා තිබුණා නම් හෝ දින 10 ක් යන්න කලින් නැවතත් පාර්ලිමේන්තුවේදී මේක නැවත සම්මත කර ගත යුතුයි කියන එක.