Politics Sri Lanka

මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්

මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්

මහනුවර සිදුවීම් හුදෙකලා අර්බුද නෙවෙයි. මේක යම්කිසි සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්. අවුරුදු හයක් විතර තිස්සේ බොහෝ මතවාද ඇති වෙනවා. සමාජ මාධ්‍යවල තරුණ කොටස් මේකට අවනත වෙනවා. යම් මූලස්ථානයකින් මේක සංවිධාන කරලයි එන්නේ. ජනතාව සමගි වෙනවට වඩා දේශපාලන පක්ෂ කැමැති ඔවුන් බෙදී ඉන්නවාටයි. යුද්ධය ජයගත්තත් ජාතික ගැටලුවට මහින්ද රාජපක්ෂ මහතා විසඳුමක් දුන්නෙ නැහැ. මේ රජයත් සංහිඳියා කාර්යාලය ඇති කරලා මුදල් වියදම් කරනවා පමණයි සිදුකරන්නෙ යැයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවු සිදුවීම් සම්බන්දයෙන් ‘වෙනසක ඇරැඹුම’ සංවිධානය පැවැත්වු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ (8දා) එම මාධ්‍ය හමුව පැවැත්විණි. මෙම අවස්තාවට කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා , විවෘත විශ්ව විද්‍යලයේ කථිකාචාර්ය අතුල සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්විය.