Gossips

මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපති විමර්ශන කමිටුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබද විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කලහකාරී සිදුවීම්වලට මුල් වූ කරුණු සොයා බැලීම හා පුද්ගලයන්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූර්ණය කිරීම මෙන්ම මෙම සිදුවීම් පිටුපස කුමන්ත්‍රණකාරී හස්තයන් ක්‍රියාත්මක වූයේ ද යන්න මෙහිදී සොයා බැලෙනු ඇති.