Gossips

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණය අද ඇරඹේ

පසුගියදා මහනුවර ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණය අද ආරම්භ වනවා.
එය තෙදිනක් පුරා මහනුවරදී පැවැත්වෙන බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.
1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව අදාළ ප්‍රදේශයට ගොස් මහජන පැමිණිලි විමර්ශනය කිරීම සිදුකරනු ලබනවා.
ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 21 වනදා වනවිට සිද්ධිය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ පාර්ශවවලින් තොරතුරු හා සාක්ෂී ලිඛිතව රැස් කිරීම අවසන් කළ බවයි මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.