Gossips

මහනුවර සිද්ධිය ගැන අගමැතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙසක්

මහනුවර කලබලකාරී සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ අද (11) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.
ගැටුම් විසදා ගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ අතර ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදුනොවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව ද එහිදී ප්‍රකාශ කළා.