Gossips

මහනුවර සිද්ධිය ගැන අංශ කිහිපයකින් පරීක්ෂණ

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණ කටයුතු අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන අතර, පොලිස් බුද්ධි අංශයේ කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මෙහිදී අදාළ තත්ත්වයන් ඇතිවීමට මුල්වූ හේතු සහ එය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා පොලිස් කොමිසම යළි රැස්වීමට නියමිතයි.
එහිදී මහනුවර ඇතිවූ සිද්ධියේදී පොලීිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව අවධානය යොමුවනු ඇති.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සමාජයේ විවිධ පාර්ශව මගින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව එදින පොලිස් කොමිසම විසින් සොයාබැලීමක් සිදුකිරීමට නියමිතව ඇති බවයි.