මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි තත්ත්වය යටතේ රදවාගෙන ප්‍රශ්න කළ අමිත් වීරසිංහ නමැත්තා ඇතුළු සැකකරුවන් දස දෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන අංශය මගින් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරු ලෙසයි පොලීසිය හදුන්වනු ලැබුවේ.
අනතුරුව ඔවුන් දසදෙනා කොළඹට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදුකළා.
අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කර ඇත්තේ.
සුරේද සුරවීර ඇතුලු සැකකරුවන් දෙදෙනා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.
මෙම සිද්ධිය පිළිබඳ ත්‍රත්දවාදී විමර්ශණ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ සිදු කරන බවයි පොලිසිය කියාසිටියේ.
