Gossips

මහනුවර සිද්ධියෙන් හානියට පත් දේපළ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක්

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි සිද්ධියෙන් හානියට පත් දේපළ පිළිබඳව මෙතෙක් පැමිණිලි කර නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 161 දෙනෙකු සහ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක එවැනි ආකාරයට කලහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.