මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම ජාතීන් අතර අසමගිය පැතිරෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර සිදුකළ පාසල් සිසුන් දෙදෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
