Gossips

මහනුවර සිද්ධියට සම්බන්ධයි නම් ඔප්පු කරන්න – ඒකාබද්ධයෙන් අභියෝගයක්

පසුගිය දා මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පු කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අද අභියෝගයක් ඉදිරිපත් කළා.
ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ආණ්ඩුව පසුගිය දා සම්මත කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූම තැනැත්තන් ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුති පනත පිළිබඳව ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.