Gossips

මහනුවර සිද්ධියට යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය දා මහනුවර – පූජාපිටිය – අඹතැන්න ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ වෙළඳසැල් වලට ගිනි තබා අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන දිසාව විසින් අදාළ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
එක් හමුදා කෝප්‍රල්වරයෙකු 143 වන බලසේනා මූලස්ථානය නියෝජනය කරන අතර, අනෙක් යුද හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කරන්නේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවයි.