මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන් පූජාපිටිය – අඹතැන්න – කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
ඔවුන් පූජාපිටිය – අඹතැන්න – වෙලේ කඩේ ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පිරිසක්.
වයස අවුරුදු 21, 22 සහ 55 ක් වන සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පූජාපිටිය පොලීසියට භාරදීමට නියමිතයි.