Gossips

මහනුවර සිද්ධියට තවත් තිදෙනෙකු අත්අඩංගුවට

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන් පූජාපිටිය – අඹතැන්න – කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
ඔවුන් පූජාපිටිය – අඹතැන්න – වෙලේ කඩේ ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පිරිසක්.
වයස අවුරුදු 21, 22 සහ 55 ක් වන සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා පූජාපිටිය පොලීසියට භාරදීමට නියමිතයි.
මේ අතර, මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වනදා දක්වා පසුගියදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඩින් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.