Gossips

මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹට

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රශ්ණ කිරීම් සඳහා කොළඹට රැගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
හදිසි නීතිරෙගුලාසි යටතේ මෙම සැකකරුවන් දින 14 ක් රඳවාගෙන ප්‍රශ්ණ කරන බවයි ඔහු සඳහන් කළේ.
මහනුවර සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ මුදා හැරීම සම්බන්ධයෙන් අද අලුයම සැක පිට මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා.