Gossips

මහනුවර රෝහලේ වකුගඩු සුබසාධන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට

මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කිරීමට නියමිතයි.
මහල් 7කින් සමන්විත මෙම මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් සහ රෝගී ජනතාවට නේවාසික පහසුකම් සැපයීමේ නේවාසිකාගාරයකින් ද සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීමේ සායන හා පරීක්ෂණ පහසුකම්, උපදේශන පහසුකම් සහ රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම් ද මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකියි.
මෙම වකුගඩු රෝගී සහන සත්කාරක සහ සුබසාධන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ජාතික වකුගඩු අරමුදලෙන් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදනය රුපියල් මිලියන 628ක්.