Gossips

මහනුවර රාත්‍රී වෙළඳපොළට බස් මගීන්ගෙන් සහ සේවකයින්ගෙන් චෝදනා

මහනුවර – ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි තාවකාලික වෙළඳ කුටි ඉදිකර තිබීම හේතුවෙන් බස් රථ ගාල් කිරීමට ස්ථානයක් නොමැතිවීම නිසා අද පෙරවරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
අද සිට මහනුවර නගරයේ ක්‍රියාත්මක වන රාත්‍රී වෙළඳපොළ නිසා එම ප්‍රදේශය සහ අවට මාර්ග දෙපස මෙලෙස තාවකාලික වෙළඳ කුටි ඉදිකර තිබෙනවා.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි මගීන් සහ බස් රථ සේවකයින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඇති වී තිබෙන මෙම ගැටළුව පිළිබඳව අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මගීන්ට සහ බස් රථවලට අවහිරතා ඇති නොවන පරිදි බස් රථ ගාල් කිරීම සඳහා තාවකාලික විකල්ප ස්ථානයක් වෙන් කර ඇති බවයි.