Gossips

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ අයියකච්චිය වංගුව අසළ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 4ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කිලිනොච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ඊයේ රාත්‍රියේ ගැටී ඇති බවයි.
අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් මව, පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදීයි වයස අවුරුදු 4ක පමණ මෙම කුඩා දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.