Gossips

මහනුවර – මැණික්හින්න පියා, දියණිය, පුතු මරණයට හේතුව හෙළි වෙයි

මහනුවර – මැණික්හින්න – රජවැල්ල – 2 – රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක සිටි පියා, දියණිය සහ පුතුගේ මරණ සිදුව ඇත්තේ පිළිස්සීමෙන් බව මහනුවර රෝහලේ අද පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.
36 හැවිරිදි පියා, 13 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි මෙම පුත්‍රයා නිවසේ කාමරයක් තුළ පිළිස්සී මියගොස් සිටියදී සොයාගත්තේ ඊයේ උදෑසනයි.
දරුවන්ගේ මව විදේශගතව සිටින අතර සිද්ධිය දැනුම්දීමෙන් පසු ඇය අද දිවයිනට පැමිණියා.
ප්‍රදේශවාසීන් පොලීසියට සඳහන් කර තිබුණේ මෙම පවුල පසුගිය කාලසීමාවේදී දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටි බවටයි.
මියගිය තුන්දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ පවුලේ සුසාන භූමියේදියි.