මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ සෙලෝෂන් නැමති ඖෂධය නොමැති වීමෙන් රෝගීන් අපහසුතාවයකට පත්ව ඇති බව හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සදහා මෙම ඖෂධය යොදා ගන්නා අතර, එය නොමැති වුවහොත් රෝගීන්ට ශ්වසන අපහසුතාවයන් ඇති වන බව සඳහන්.
මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ මාස කිහිපයක සිට මෙම ඖෂධය නොතිබූ බවයි රෝගීන්ගේ ඥාතීන් පවසන්නේ.
මාසික සායන සදහා පැමිණි විට රෝගීන්ට මෙම ඖෂධය රෝහල මගින් ලබා දෙනු ලබනවා.
එහෙත් මේ වන විට එම ඖෂධය නොමැති වීමෙන් රෝගීන්ගේ ජීවිත පවා අවදානම් තත්ත්වයක පවතින බවයි ඔවුන්ගේ ඥාතීන් හිරු ප්රවෘත්ති අංශයට සදහන් කලේ.
අප මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ ඒ පිළිබද සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.