Gossips

මහනුවර පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

මහනුවර – නැකත්කුඹුර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (22) රාත්‍රියේ මොහු සහ ඥාති පුද්ගලයෙකු අතර, ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි නැකත්කුඹුර – මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.