Gossips

මහනුවර පාසල් හෙට විවෘත වේ

මහනුවර ප්‍රදේශයෙන් සිදුවූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළා.
ඇති වූ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පාසල් වසා දැමීමට පළාත් පාලන ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කළේ මීට දින කිහිපයකට පෙරයි.
ඒ අනුව, මේ වනවිට එම ප්‍රදේශයේ පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට සිට පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බවයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක කියා සිටියේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහනුවර ප්‍රදේශයේ ඊයේ සංචාරයක නිරතවුණා.
කළහකාරී සිද්ධීන් ඇතිවූ මුල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයකට සහ අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට පැමිණියා.