මහනුවර පාසල් හෙට යළි විවෘත කරයි කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ආරක්ෂක හේතූන් මත පසුගියදා 06 වැනිදා සිට එම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.මේ වන විට එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනතාව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ. තවදුරටත් ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.
