Gossips

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6 පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා.
කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නිවාස, පූජණීය ස්ථානවලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර, මහනුවර ඇතිවු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් දින 14 ක් රඳවා ගැනීමේ හදිසි නීති රෙගුලාසි මත විමර්ශන සඳහා කොළඹට රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
මේ අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර සඳහන් කළේ හානි වූ නිවාස සහ ව්‍යාපාර ස්ථාන තක්සේරු කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි.