Gossips

මහනුවර දී එච්.එන්.ඩී. සිසුවෙකු පැහැර ගෙන ගොස් පහර දෙයි

ජාතික උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම සිසුවා මේ වන විට මහනුවර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ දෙමව්පියන් සඳහන් කළේ.
පසුගිය 3 වන දා රාත්‍රියේ තාක්ෂණික ආයතනයට පැමිණි තවත් සිසුන් පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇති අතර, පසුව මොහුව මහනුවර නගරයේ දමා ගොස් තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මහනුවර – පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සිසුවෙක්.
පහරදීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මාතර – ඉසඩීන් නගරය ආසන්නයේදී පැහැර ගත් සිසුවා පිළිබදව සැකයක් මතුව තිබෙනවා.
මාතර පොලීසිය සඳහන් කළේ පැහැර ගැනීම සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත්, ඔහු පැහැර ගත් පුද්ගලයින් කවුරුන් ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණ වී නැහැ.