Politics Sri Lanka

මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය

මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය

මහනුවර දිස්ත්‍රික්ය පුරා ඊයේ (07) සවස 4 සිට බලපැවැත්වෙන ඇදිරි නීතිය අද (08) සවස 4 දක්වා ක්‍රියාත්මකවේ. පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විට පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරලි මර්ධන කණ්ඩායම් මහනුවර සහ අවට ප්‍රදේශවලට යොදවා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.