Gossips

මහනුවර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අද (27) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ සම්බන්ධයෙන් අද දහවල් 12ට බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඔවුන් ඊයේ (26) මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.
වර්ජනය නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර අද දිනයේදීත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් අසළ රෝගීන් රැදී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.