Gossips

මහනුවර, දිගන ප්‍රදේශයේ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්න – ජනපති

මහනුවර, දිගන ප්‍රදේශයේ අද (05) දින සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භකරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත්තේ ප්‍රදේශයේ සියලූදෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.
එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක නිකුත් කරමින් පවසා සිටියේ.