Gossips

මහනුවර දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අතිවිශාල ජනකායක් මධ්‍යයේ ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන ගැටඹේ මහවැලි ගං තොටේදී සිදු කෙරුණු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක කියා සිටියේ.
පසුගිය 12 වනදා කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර පැවැත්වුණේ 16 වනදායි.
රන්දෝලි පෙරහර පසුගිය 21 වනදා ආරම්භ වූ අතර, එය දින 5 ක් පුරා වීථි සංචාරය කෙරුණා.
මේ අතර පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් වූ බවට සැළකෙරෙන සංදේශය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අවසන් වීමට නියමිතයි.