Gossips

මහනුවර ගින්න වැරදුණු කොල්ලයක් දැයි සැක

මහනුවර – යටිනුවර වීථියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා. අද පෙරවරුවේ මෙම ගින්න හටගත් අතර, එම අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මුදාගත් එකම පවුලේ මව, පියා සහ දරුවන් තුන්දෙනා පසුව රෝහල් ගත කෙරුණා.
තුවාල ලැබූ දරුවන් අවුරුදු 8, 7 සහ තුනහමාර යන වයස්වල පසුවන්නන්.
ගින්නට මැදිව දිවි බේරාගත් පවුලේ පියාවන කාමනාදන් රාමරාජා සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු පහත මාලයේ සිදුකළ කොල්ලකෑමේ උත්සහයකින් අනතුරුව මෙම ගින්න හටගත් බවයි.
මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.